බදාදා, 06 සැප්තැම්බර් 2023 09:51

සජිත්ගේ කාලයේ නිවාස අධිකාරියට හම්බන්තොටින් පමණක් 2100ක් අරන් – රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ Featured

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැති ලෙස සිටි 2015 සිට 2019 දක්වා කාලයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට කොන්ත්‍රාත් පදනම මත හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පමණක් සේවකයන් 2100ක් බඳවා ගෙන ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය.

අනුමත සේවක ප්‍රමාණය ඉක්මවා එවැනි පිරිසක් බඳවා ගැනීම නීතිවිරෝධී බවත් ඒ හේතුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 1527 කට අධික පිරිවැයක් දැරීමට සිදු වූ අතර එසේ බඳවා ගත් අය දිස්ත්‍රික් කාර්යාල වෙත යොමු කළද ඔවුනට මේස සහ පුටුවත් නොතිබූ බවත් හෙතෙම කීය. එබැවින් එම ඇතැම් සේවකයන් කාර්යාලයට වාර්තා කොට පසුව හිටපු ඇමැතිවරයාගේ කාර්යාලවල සේවය කර තිබූ බවට වාර්තා වී ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් (ශ්‍රීල.පො.පෙ) මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා මේ බව පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website