බදාදා, 06 සැප්තැම්බර් 2023 10:07

අපට බලය දුන්නොත් ලංකා ඉතිහාසයේ හොදම ආණ්ඩුව හදනවා.. Featured

එක සැරයක් මාලිමාවට ආණ්ඩු බලය ලබා දුනහොත් එය ලංකා ඉතිහාසයේ බිහි කරන ලද හොඳම ආණ්ඩුව බවට පත් කරන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මීට පෙර බලය දුන් තිස්සමහාරාම ප්‍රාදේශිය සභාව ලංකාවේ හොදම ප‍්‍රාදේශීය සභාව බවට පත් කිරීමට කටයුතු කර ඇති බවත් තමනට ලබාදුන් අමාත්‍යාංශවල ද හොඳට වැඩ පෙන්වා ඇති බවත් හෙතෙම පැවසීය.

එනිසා එක් වතාවක් තම පක්ෂයට බලය ලබා දී බලන්නැයිද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ නිරීක්ෂණ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website