බ්‍රහස්පතින්දා, 07 සැප්තැම්බර් 2023 08:45

චැනල් ෆෝ බොරුවක් – ඇමැති ප්‍රමිත කියයි Featured

මෙරට සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ විදෙස් නාලිකාව මගින් සිදු කරන ලද ඉදිරිපත් කිරීම පදනම් විරහිත එකක් යැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06දා) පැවසීය.

“චැනල් ෆෝ නාලිකාව අපි කියවගත යුත්තේ ලෝක භූ දේශපාලනයේ න්‍යාය පත්‍රවල හැසිරීමත් සැලකිල්ලට ගෙනයි. වරින් වර මෙවැනි සිදු වීම් සහ වැරදි තොරතුරු සමාජගත වීම සිද්ධ වෙනවා. ගානියා බැරිස්ටර් ගොතපු කතාවත් එහෙම්මයි. චැනල් ෆෝ නාලිකාවත් මේ ගොතපු කතාව පදනම් විරහිත එකක්. මේ අසාද් මවුලානා කියන පුද්ගලයා ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණය ඉල්ලන කෙනෙක්. ඔහුගේ වත්කම් ගැනත් කතාවුණා. ඔහු කියන කාරණාවේදී මෙහි තිබෙන හාස්‍යජනක කරුණ තමයි සිංහල බෞද්ධ නායකයෙක් බලයට ගෙන එන්න මුස්ලිම් ගැහැනියක් සහ පුද්ගලයන් නවදෙනකු මරා ගෙන මැරෙන එක. මෙය චිත්‍රපටියක සිදු වන දෙයක් වගෙයි” යැයි ඒ සම්බන්ධයෙන් කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website