බ්‍රහස්පතින්දා, 07 සැප්තැම්බර් 2023 09:19

උසස් පෙළ නැවත සමීක්ෂණ සහ නැවත පෙනීසිටීම ගැන පැහැදිලි කිරීමක් Featured

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව නැවත සමීක්ෂණ සඳහා අද (07) සිට අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ලබන 16 වන දින දක්වා නැවත සමීක්ෂණ සඳහා අපේක්ෂකයින්ට අයදුම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

විභාග දෙපාර්තමේන්තුවට අයත් www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම අයදුම් කිරීමේ හැකියාව පවතී.

මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නැවත පෙනී සිටීමට අපේක්ෂිත ගියවර විභාගයට පෙනී සිටි සිසුන්ට පමණක් අයදුම් කිරීම සඳහා මේ මස 11 වන දින සිට 16 වන දින දක්වා අවස්ථාව ලබාදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website