බ්‍රහස්පතින්දා, 07 සැප්තැම්බර් 2023 09:25

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගාවලි ජයකින් ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි Featured

ඉතිහාසයේ පළමු වරට එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20/20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (06) සමත්වී තිබුණි.

ඒ, ඊයේ පැවති තෙවන 20/20 තරගය කඩුලු 7කින් ජයගනිමිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 19ක් තුළ සියලු ක්‍රීඩිකාවන් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 116ක් පමණි.

පන්දු යැවීමේදී චමරි අතපත්තු කඩුලු 03ක් බිඳ හෙළීමට සමත් වූවාය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළාය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වූවාය.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website