සිකුරාදා, 08 සැප්තැම්බර් 2023 08:59

දඬුවම් ලැබිය යුතු ව්‍යාජ ස්ටිකර් මුද්‍රණය කරන පිරිස නීති හිඩැසකින් රිංගා නිදහස් වෙන්න හදනවා – බුද්ධික පතිරණ Featured

ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වෙළෙඳපොළට නිකුත් කළ පුද්ගලයන් සුරාබදු නීතියේ අඩුපාඩුකම් භාවිතකර සුළු දඩයකට යටත්ව නිදහස් කිරීමේ සූදානමක් පවතිනවා යැයි සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවැසීය.

ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් මුද්‍රණය සහ ඒවා මත්පැන් බෝතල් මත අලවා වෙළෙඳපොළට නිකුත්කිරීම චේතනාන්විතව සිදුකර තිබේනම් එය අපරාධමය වරදක් බව ද විපක්‍ෂ නායක කාර්යාලයේ පෙරේදා (06 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පතිරණ මහතා පැවැසීය.

එවැනි වරදක් කර ඇත්නම් දණ්ඩනීති සංග්‍රහය යටතේ දඬුවම් කළ යුතුව තිබියදී සුරාබදු නීතියේ පවතින තාක්‍ෂණික වැරදි සඳහා පනවනු ලබන සමතකරණ ක්‍රමවේදය ඔස්සේ සුළු දඩ මුදලකට යටත්ව සමතකරණයට ලක් කළහොත් එය දූෂිත නිලධාරීන් ආරක්‍ෂා කිරීමක් යැයි ද මන්ත්‍රීවරයා කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය. මේක හොර නෝට්ටු ගැහුවා වගේ වැඩක්. හොර ස්ටිකර් ගහලා නම් ඒක කූට ලේඛනයක් සැකසීමක්. එවැනි වරදක් සිදුකර ඇත්නම් ඒක බරපතළ වරදක්. එවැනි වරදක් කළ අය සුරාබදු නිලධාරී අතර සිටීනම් ඔවුන් ආරක්‍ෂා කිරීම දූෂිතයන් ආරක්‍ෂා කිරීමක් ලෙස අර්ථ දක්වන්න පුළුවන්.

ඒ වගේම මෙරට ආර්ථිකය විධිමත් කිරීම සඳහා පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව මෙම ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් ජාවාරම පිළිබඳ අවධානය යොමුකර තිබුණා. මම වසර ගණනාවක සිට හෙළි කළ කරුණු නිසා ව්‍යාජ ස්ටිකර් වංචාව පිළිබඳ ක්‍රම සහ විධි කාරක සභාවේ අවධානය යොමුවීමත් සමඟ කඩිනම් විමර්ශනයක් ඇරඹීමට මුදල් අමාත්‍යාංශය කටයුතු ආරම්භ කරලා තියෙනවා.

චමින්ද සිල්වා

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website