සිකුරාදා, 08 සැප්තැම්බර් 2023 09:10

මාස හතරේ එන්නත අරන් දින තුනෙන් වැලිගම බිළිඳා මරුට Featured

හේතුව කියන්න කරාපිටිය මහ රෝහල මාස දෙකක් ඉල්ලයි

කළුගල කන්ද, කනංකෙ, වැලිගම ලිපිනයේ පදිංචි එම්. ජී. මතීෂ මිහිරංග සිව්මස් සපිරීමත් සමග මාස හතරේ එන්නත් කිරීම සඳහා වැලිපිටිය සෞඛ්‍ය සේවා කාර්යාලය වෙත ගෙන ගොස් ඇත.

පසුව මෙම බිළිඳාට එන්නත් කිරීම සිදු කිරීමෙන් අනතුරුව සාමාන්‍ය පරිදි උණ හටගෙන ඇත. එහෙත් පසුව අසාමාන්‍ය ලෙස රෝගී තත්ත්වයට පත්වීම හේතුවෙන් දෙමාපියන් ප්‍රතිකාර සඳහා ඉමදුව රෝහලට බිළිඳා ගෙන ගොස් ඇත. පසුව එහි වෛද්‍යවරයා පවසා ඇත්තේ දරුවා මියගොස් ඇති බවයි. ඉන් අනතුරුව මියගිය මතීෂගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට යවා තිබේ. එහිදී දරුවා කුමන හේතුවක් මත මියගොස් තිබෙනවාද කියා පවසා නොමැති අතර ඒ සම්බන්ධයෙන් වාර්තාව නිකුත් කිරීමට තවත් මාස දෙකක් පමණ ගතවේ යැයි කරාපිටිය මහ රෝහලෙන් පැවසූ බව මියගොස් ඇති දරුවාගේ මව පවසයි. එන්නත් කිරීමෙන් දින තුනකට පසුව ඉකුත් අඟහරුවාදා (05 දා) නිරෝගීව සිටි දරුවා මෙලෙස හදිසියේ අසනීප වී මියගිය බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

මේ පිළිබඳව සාධාරණ තීන්දුවක් ලබාදෙන ලෙස බිළිඳාගේ මව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මාතර අතිරේක – ලලිත් පත්මසිරි

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website