සිකුරාදා, 08 සැප්තැම්බර් 2023 09:25

පාස්කු ඉරිදා ප්‍රහාරය:චැනල් 4 වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය කුමක්ද? Featured

2019 අප්‍රේල් 21වැනි පාස්කු ඉරු දින ශ්‍රී ලංකාවේ දී පුද්ගලයින් 269 දෙනෙකුට ජීවිත අහිමිකරමින් දේවස්ථාන 3ක් හා හෝටල් 3ක් ඇතුලු ස්ථාන 6කට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ගවේෂණය කරමින් ඒ පිළිබඳ ආන්දෝලනාත්මක වීඩියෝවක් බ්‍රිතාන්‍යයේ චැනල් 4 විසින්, එරට වේලාවෙන් සැප්තැම්බර් 5 වැනි දා රාත්‍රී 11.05ට එනම් ශ්‍රී ලංකා වේලාවෙන් සැප්තැම්බර් 6 වැනිදා අලුයම 3.35ට පමණ නිකුත් කරනු ලැබීය.

ඊට දිනකට පෙර"Sri Lanka bombings:were 269 people killed for political power?Dispatches exclusive"යනුවෙන් මිනිත්තු 5ක සංෂිප්ත වීඩියෝවක් ඔවුන් විසින් නිකුත් කොට තිබුණි.

ශ්‍රී ලංකාව තුළ චැනල් 4 ප්‍රසිද්ධියක් උසුලන්නේ මීට පෙර 2009 වසරේ දී එල්.ටී.ටී සංවිධානය හා ශ්‍රී ලංකා රජය අතර පැවති යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා රජය සහ රාජපක්ෂ ආණ්ඩුව විසින් යුද්ධයේ අවසන් සමයේදී දෙමළ සිවිල් වැසියන්ට එරෙහිව යුද අපරාධ සිදු කර ඇති බවට සැක කළ හැකි බවට වන සාක්ෂි ඇතැයි ඉදිරිපත් කරමින් නිකුත් කළ "Killing field" නම් වාර්තා චිත්‍රපටය නිසා ය.

එවකට එම වාර්තා ච්ත්‍රපටය දෙස් විදෙස් වශයෙන් ආන්දෝලනයට තුඩුදුන් අතර, එමගින් එල්ල වී තිබු සියලු චෝදනා ශ්‍රී ලංකා රජය සහ රාජපක්ෂ ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කළේය.

'දේශපාලන බලය ලබාගැනීම සඳහා පුද්ගලයන් 269ක් ඝාතනය කළාද?'- චැනල් 4 වාර්තාවේ සාක්ෂි කරුවන් කවුද?


පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් "දේශපාලන බලය ලබාගැනීම සඳහා පුද්ගලයන් 269ක් ඝාතනය කළාද?" යන ප්‍රශ්නය මතුකරමින් ඉදිරිපත් කළ නව චැනල් 4 වාර්තාව අඩංගු වීඩියෝව නිකුත් කිරීමත් සමග එය ද දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි අවධානයක් දිනා ගෙන තිබේ.

මෙම වීඩියෝවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස යොදා ගෙන ඇත්තේ ජිවිත ආරක්ෂාව පතා දැනට රටින් පලා ගොස් සිටින සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ හන්සීර් අසාද් මවුලානාය.

අසාද් මවුලානා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත දිවුරුම් දුන් සාක්ෂියක් ඉදිරිපත් කර ඇති බවත්, ඔහු දින කිහිපයක්ම එම විමර්ශකයින් හමු වී ඇති අතර විමර්ශකයින් මොහුගේ ප්‍රකාශ සත්‍ය බව සලකා කටයුතු කරන බවත් වීඩියෝවේ ප්‍රකාශ වෙයි.

khllllමෙම වීඩියෝවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස යොදා ගෙන ඇත්තේ ජිවිත ආරක්ෂාව පතා දැනට රටින් පලා ගොස් සිටින පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ හන්සීර් අසාද් මවුලානාය.

ආරක්ෂාව පතා රටින් පිටව ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන නිශාන්ත ද සිල්වා, මාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජැන්ස්, ඝාතනය කරන ලද මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සොයුරු ලාල් වික්‍රමතුංග, මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුනනාදන්, හිටපු රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන සරත් කොංගහගේ සහ කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මෙන්ම නම් හෙළිදරව් නොකරන රජයේ නිලධාරියෙකු ඇතුළු පිරිසකගේ හා වින්දිතයින් දෙදෙනෙකුගේ ප්‍රකාශ හා සාක්ෂි පදනම් කර ගනිමින් මෙම වීඩියෝව නිර්මාණය කර තිබේ.

නිශාන්ත ද සිල්වා සහ අසාද් මවුලානා විසින් මෙම සිදුවීම් පිළිබඳව යුරෝපා බුද්ධි එජන්සිය වෙත ද ප්‍රකාශ ලබා දී ඇති අතර අකටයුතු නාද කරන්නන් (whistleblowers) ලෙස ප්‍රසිද්ධ මාධ්‍යයක පළමු වරට මෙම වීඩියෝව හරහා පෙනී සිටිනු ලබන බව එහි වැඩි දුරටත් සඳහන් වේ.

ඒ අනුව මෙම තොරතුරු සපයන්නන්ගේ සාක්ෂි ඇසුරින් චැනල් 4 නඟන ප්‍රධාන ප්‍රශ්නය කිහිපයකි. එනම්,

01. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවු දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයට පෙර හමුදා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රහාරය සිදුකළ ඉස්ලාමීය අන්තවාදීන් රහසිගතව හමුවුණා ද?

02. ත්‍රස්තවාදී කණ්ඩායම අත්අඩංගුවට ගැනීම වළක්වාලීම සඳහා හමුදා බුද්ධි අංශය පොලිසිය නොමඟ යැවුවාද?

03. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව බෝම්බ ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ කඩාකප්පල් කරනු ලැබුවාද? යන්නයි.

dfdvvvvbbmmශ්‍රී ලංකා බුද්ධි අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදී කණ්ඩායම අතර සෘජු සම්බන්ධයක් ඇති බව තම අකටයුතු නාද කරන්නන් (whistleblowers) වෙන වෙනම විස්තර කරන බවය.

ශ්‍රී ලංකා බුද්ධි අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදී කණ්ඩායම අතර සෘජු සම්බන්ධයක් ඇති බව තම අකටයුතු නාද කරන්නන් (whistleblowers) වෙන වෙනම විස්තර කරන බවත්,රට තුළ බියක් මෙන්ම නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය කර වසර 10ක් පුරා රට පාලනය කොට වසර කිහිපයකට පෙර බලයෙන් පහ කරන ලද මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ නැවත බලයට ගෙන ඒම සඳහා සැලැස්මක් සකස් කොට ඇති බවත් චැනල් 4 වීඩියෝව පවසයි.

හන්සීර් අසාද් මවුලානා චැනල් 4 වෙත ප්‍රකාශයක් ලබා දෙමින් “මම ඇත්ත දැනගෙන හිටියා,කවුද අපරාධකාරයෝ කියලා. එය සංවිධානය කළේ කාගේ මිනිස්සුද ඒක සංවිධාන කළේ.කාගේ නියෝගයක් ද කියලා.”

“බල පෙරළියක් කරන්න, පල්ලිවල, හෝටල්වල ඉන්න අහිංසක මිනිස්සු තමයි මේ මරන්නේ” කියා සිටියේය.

ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතර සිදුවු බව කියන හමුව


2018 වසරේ ජනවාරි මාසයේ දී අන්තවාදී කණ්ඩායම සහ සුරේෂ් සලේ අතර හමුවක් සංවිධානය කරන ලෙස එවකට බන්ධනාගාරගතව සිටි පිල්ලෙයාන් තමන්ට උපදෙස් දුන් බව අසාද් මවුලානා චැනල් 4 වෙත පවසයි. එල්.ටී.ටී සංවිධානයෙන් බිඳී ගිය හිටපු කොටි සමාජිකයෙකු වන පිල්ලෙයාන් රාජපක්ෂ හිතවාදියෙකු ලෙස හඳුන්වන අතර ඔහු රාජපක්ෂ රජයේ හිටපු අමාත්‍යවරයෙකි.

ජෝශප් පරරාජසිංහම්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එවකට බන්ධනාගාර ගතව සිටි පිල්ලෙයාන් විසින් තමන් වෙත කරන ලද දැනුම් දීමකට අනුව සයීන් මවුලවී ඇතුළු පුද්ගලයින් පිරිසකට ඇප ලබාදුන් බවත්, පසුව එම පුද්ගල කණ්ඩායම සහ සුරේෂ් සලේ අතර හමුවක් සංවිධාන කළ බවත් අසාද් මවුලානා පවසයි.

ffvvbbnnmමරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීම සඳහා ප්‍රහාරකයින් මොහොමඩ් සහරාන් ඉදිරියේ දිවුරුම් දුන් අවස්ථාව ලෙස නිකුත් කොට තිබෙන වීඩියෝවේ ඡායාරූපයක්

එම හමුව සඳහා පුත්තලම, කරඩිපුවල් (Karadipuval) නැමති ප්‍රදේශයට අදාළ කණ්ඩායමට පැමිණෙන ලෙස තමා දැනුම් දුන් බව අසාද් මවුලානා වීඩියෝවේ සඳහන් කරයි.

තමා එම ස්ථානයට යන විට සුරේෂ් සලේ පැමිණ සිටි බවත් පසුව සුදු පැහැති වෑන් රථයකින් සයීන් මවුලවී සහ ඔහුගේ සහෝදරයා වන සහරාන් ඇතුලු 6 දෙනෙකු පැමිණි බවත්, එම සාකච්ඡාව දීර්ඝ වේලාවක් පැවතුණු බවත් ඔහු එහිදී පවසයි.

'ශ්‍රී ලංකාවේ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිකරන්න රාජපක්ෂලට අවශ්‍යයි. ඒක තමා ගෝඨාභයට ජනාධිපති වෙන්න තියෙන එකම මග යැයි', එම සාකච්ඡාවෙන් පසු සුරේෂ් සලේ තමාට පැවසූ බව අසාද් මවුලානා චැනල් 4 වෙත වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

නම හෙළි නොකළ චැනල් 4 වෙත අදහස් දක්වන රජයේ නිලධාරියා පවසන්නේ සුරේෂ් සලේ ව මෙහෙයවන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව ය.

2019 වසරේ ජනවාරි මාසයේ දී පොලිසිය විසින් මෙම අන්තවාදී කණ්ඩායම පොල්වත්තක පවත්වාගෙන ගොස් තිබු ආරක්ෂිත නිවෙසක් සොයා ගන්නා ලදි.

අසාද් මවුලානා චැනල් 4 වෙත පවසන්නේ සුරේෂ් සලෙයි සහරාන් ඇතුලු පිරිස හමු වූ ස්ථානය එය බවයි.

මේ අතර හමුදා බුද්ධි අංශය සහ රාජ්‍ය බුද්ධි සේවය විසින් නොමඟ යැවීම් නොකලේ නම් ජාතික තවුහිත් ජමාත් (NTJ) කණ්ඩායම මෙම සිද්ධිවලට සම්බන්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිසැකවම අනාවරණය කර ගැනීමට තිබූ බව නම හෙළි නොකළ චැනල් 4 වෙත අදහස් දක්වන රජයේ නිලධාරියා පවසයි.

‘ට්‍රිපෝලි ප්ලැටූන්’ නැමති ඝාතක කල්ලියක් පිළිබඳ අනාවරණයක්


පාස්කු ප්‍රහාරයට අමතරව, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා පිල්ලෙයාන් යටතේ ක්‍රියාත්මක වූ බව කියන ‘ට්‍රිපෝලි ප්ලැටූන්’ නැමති ඝාතක කල්ලියක් පිළිබඳව තොරතුරු ද මේ වීඩියෝව මගින් ප්‍රකාශ කෙරේ.

ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර්, උපාලි තෙන්නකොන් වැනි මාධ්‍යවේදින්ට එල්ල වූ ප්‍රහාර 'ට්‍රිපෝලි ප්ලැටූන්' නැමති කල්ලිය විසින් සිදුකරනු ලැබ ඇති බව හියුමන් රයිට් වොච් ඇතුලු සංවිධාන විසින් නිගමනය කර ඇති බව ද චැනල් 4 වීඩියෝවේ දැක්වෙයි.

cvccbbbmnnසන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ජනවාරි 8 වැනි දින තම මෝටර් රථයේ ගමන් ගනිමින් සිටිය දී කොළඹ අත්තිඩියේ දී වෙඩි තබා ඝාතනය කරන ලදී. 2009 ජනවාරි 13 වැනි දින ලසන්ත වික්‍රමතුංගගේ මරණය පිළිබඳ කතුවැකියක් සහිතව පළවූ සන්ඩේ ලීඩර් පිටපත

මෙහිදී අදහස් දක්වන දැනට ජිවිත ආරක්ෂාව පතා විදෙස්ගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ විමර්ශන නිලධාරියෙකු වන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා පවසන්නේ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට 'ට්‍රිපෝලි ප්ලැටූන්' නැමති කණ්ඩායමේ සාමාජිකයන් ගනු ලැබූ දුරකතන 05ක් පිළිබඳ තමාට අනාවරණය කර ගැනීමට හැකි වූ බවය.

"ගෝඨාභය රාජපක්ෂට සෘජු අධීක්ෂණයක් තියෙනවා ට්‍රිපෝලී ප්ලැටූන් එක සම්බන්ධව. මම ගෝඨාභය රාජපක්ෂව ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳෙව්වා.” නිශාන්ත ද සිල්වා පවසයි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ තමා සහ පිල්ලෙයාන්ව රැස්වීමකට කැඳවූ බවත්, ඔහුට අවශ්‍ය වූයේ ලසන්තව ඝාතනය කිරීමට බවත් මවුලානා චැනල් 4 වෙත පවසයි.

"අපි ගෝඨාභය රාජපක්ෂ මුණගැහුණා ඔහුගේ කාමරයේදී. ඔහු ඉදිරියෙහි 'සන්ඩේ ලීඩර්' පත්‍රය තිබුණා. ඔහු කිව්වා, "මේ බල්ලා", සිංහලෙන් බල්ලා කියන්නේ Dog ට. මේ බල්ලා නිතරම මාත් එක්ක සෙල්ලම් කරන්න හදනවා. ලසන්ත මරා දැමිය යුතුයි කියලා ඔහු කිව්වා. ඔබට හැකි නම්, ඔබ ඒක වහාම කරන්න. හැකි ඉක්මනින්."

'මෙම කතාව පැහැදිලිවම ගොතන ලද්දකි' - ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිචාරය


චැනල් 4 වීඩියෝව පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද සැප්තැම්බර් 7වැනිදා මාධ්‍ය වෙත දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා තිබේ.

“චැනල් 4 නාලිකාවේ මෙම නවතම චිත්‍රපටය 2005 සිට පැවති රාජපක්‍ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්‍ෂ විරෝධී ප්‍රහාරයකි. මීට පෙර එම නාලිකාව විසින් ලංකාව ගැන විකාශනය කරන ලද චිත්‍රපට මෙන්ම මෙය ද බොරු ගොන්නකි. මා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කලා යැයි කීම අතිශයින් ම ජුගුප්සාජනකය. යම් යම් පුද්ගලයන් දේශපාලනික ස්ථාවරයක සිට මට එරෙහිව චෝදනා එල්ල කළත්, මම රජයේ තනතුරු දැරූ සෑම අවස්ථාවකම රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම පෞද්ගලිකව කර ඇත්තෙමි” එහි සඳහන් ය.

ddccffvgbපාස්කු ප්‍රහාරයෙන් මාස හතකට පසු පැවති ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් 17 වන දින කොළඹ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයෙන් පිටව යන මොහොත.

මේජර් ජෙනරාල් සලේ තම අනුගාමිකයෙකු ලෙස චැනල් 4 නාලිකාව හඳුන්වා දී ඇති නමුත් ඔහු ජනාධිපතිවරුන් ගණනාවක් යටතේ සේවය කර ඇති වෘත්තීය හමුදා නිලධාරියෙකු වන අතර,සියලුම හමුදා නිලධාරීන් තනි පුද්ගලයින්ට නොව රජයට පක්ෂපාතී වන බව එහි සඳහන් කොට තිබේ.තමන්ද හිටපු හමුදා නිලධාරියෙක් වන අතර, මේජර් ජෙනරාල් සලේ මෙන්ම තමන්ද විවිධ ආණ්ඩු යටතේ සේවය කර ඇති බව හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

“2015 දී ආරක්‍ෂක ලේකම් තනතුරෙන් ඉවත් වීමෙන් පසු, 2019 දී ජනාධිපති ධුරයට පත්වන තුරුම මමත්, මේජර් ජෙනරාල් සලේත් අතර කිසිදු සම්බන්ධයක් නොවීය. 2016 දී මේජර් ජෙනරාල් සලේ හමුදා බුද්ධි අංශයෙන් ඉවත් කිරීමෙන් පසු ඔහු නැවත කිසි දිනෙක එම සංවිධානයේ සේවය නොකළේය. 2019 දෙසැම්බර් මාසයේ සිට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස ඔහු නැවත බුද්ධි ක්‍ෂේත්‍රයට සම්බන්ධ වූයේ මා ජනාධිපති වූ පසුව පමණි. එබැවින් 2018 පෙබරවාරි මාසයේ දී මේජර් ජෙනරාල් සලේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හමු වුවා යැයි කියන මෙම කතාව පැහැදිලිවම ගොතන ලද්දකි" යනුවෙන් එහි වැඩි දුරටත් දක්වා තිබේ.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් පවසන්නේ, චැනල් 4 වීඩියෝවෙන් චෝදනා කර ඇති පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් කිසිවෙකුත් තමා බලයට පත්වීමෙන් පසු මාරු කර යැවූ නොලැබූ බවයි.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ වාර්තාව තමන් වෙත භාර දුන් පසු, එය ප්‍රසිද්ධියට පත් කිරීම ප්‍රතික්ෂේප කළ බව පැවසීම චැනල් 4 විසින් පැවසීම අසත්‍යයක් බවත්, අදාළ වාර්තාව 'පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කර ඇති බව ලංකාවේ කවුරුත් දනිති' යැයි ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් සිය නිවේදනයේ දක්වා තිබේ.

රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ චෝදනා ප්‍රතික්ෂේප කරයි


චැනල් 4 වීඩියෝව නිර්මාණය කර ප්‍රසිද්ධි කිරීමට පෙර එහි නිෂ්පාදන සමාගම වන 'බේස්මන්ට් ෆිල්ම්ස්' විසින් අගෝස්තු 7 වැනි දින ලිපියක් යොමු කර තිබු අතර,එමගින් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේගෙන් චෝදනා 4ක් පිළිබඳ නිල ප්‍රතිචාරයක් ඉල්ලා තිබේ.

 

ඉෂාරා ධනසේකර සහ සම්පත් දිසානායක

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website