සෙනසුරාදා, 09 සැප්තැම්බර් 2023 08:08

විශ්වාසභංගයෙන් කෙහෙළිය දිනුම් Featured

පක්‍ෂව 73යි : විරුද්ධව 113යි: වැඩි ඡන්ද 40යි

සජබ – ජාජබ – දෙමළ සන්ධානය හා ආණ්ඩුවෙන් විපක්‍ෂයට ගිය අය පක්‍ෂ වෙති
පොහොට්ටුව – එජාපය හා ශ්‍රීලනිපයෙන් ඇමැතිකම් ගත්ත අය විරුද්ධ වෙති

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්‍ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව ආණ්ඩු පක්‍ෂය විසින් වැඩි ඡන්ද 40කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) පරාජය කරනු ලැබීය.

දින තුනක් පුරාවට විවාදයට ගනු ලැබූ මෙම විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 73ක් ලැබුණු අතර ඊට විරුද්ධව හෙවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පක්‍ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 113කි.

විපක්‍ෂය ගෙන එනු ලැබූ මෙම යෝජනාවට පක්‍ෂව සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය මෙන්ම ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරු, දෙමළ ජාතික සන්ධානය සහ විපක්‍ෂයේ සුළු පක්‍ෂ කිහිපයක නියෝජිතයෝ ඡන්දය ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය, ඇමැති ධුර ලබාගත් ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්ද විමසීම ඉලෙක්ට්‍රොනික ක්‍රමයට පැවැති අතර ඡන්ද විමසන අවස්ථාවේදී මන්ත්‍රීවරු 38 දෙනකු සභා ගැබෙහි නොසිටියහ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website