ඉරිදා, 10 සැප්තැම්බර් 2023 10:49

‘චැනල් 4’ කතා හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් Featured

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4’ නාලිකාව මගින් විකාශනය කළ වැඩසටහනට අදාළව විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා විශ්‍රාමික…

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව හා සිවිල් සේවය නියෝජනය කරමින් මෙම කමිටුව පත් කිරීමට නියමිතය.

ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර කමිටු නියෝජිතයන් පත් කිරීමේ කටයුතු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් වෙත පවරා තිබේ.

ඊට අමතරව ‘චැනල් 4’ හෙළිදරව්ව පිළිබඳව සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා තීන්දු කර ඇති අතර එම කටයුතු ඉදිරියට ගෙන යෑම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා වෙත පවරා තිබේ.

ඒ අනුව ‘චැනල් 4’ නාලිකාවේ වැඩසටහනේ හෙළිදරව්ව ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වා ඉදිරි කටයුතු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කර තිබේ.

ඕනෑම් පුද්ගලයකුට තමන් සතු සාක්ෂි හා තොරතුරු මෙම කමිටුවට හෝ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කිරීමට හැකියාව උදාවනු ඇත.

චමින්ද සිල්වා

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website