බදාදා, 15 පෙබරවාරි 2023 21:19

මහජන බැංකුව සිපෙට්කෝ ගිණුම අත්හිටුවයි.. යලි ඉන්ධන හිඟයක්… Featured

මහජන බැංකුව විසින් තෙල් සංස්ථාවෙන් ඉන්ධන තොග මිලදී ගැනීමට බෙදුම් කරුවන් වෙනුවෙන් විවෘත කර තිබූ ගිණුම අත්හිටුවා ඇතැයි ඛනිජතෙල් බෙදුම් කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ඊයේ රාත්‍රියේ සිට මෙම ගිණුම අත්හිටුවූ බවත් ඒ හේතුවෙන් රටපුරා ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බවත් සංගමය කියා සිටියි.
දැනට පවතින තත්ත්වය මත මුදල් ගෙවා ඇති බෙදුම් කරුවන්ටද ඉන්ධන ලබා ගැනීමට නොහැකිවී ඇති බවත් මේ සම්බන්ධයෙන් තෙල් සංස්ථාව හා මහජන බැංකුව සමග සාකච්ඡා කර විසඳුමක් ලබාගැනීම ගැනීමට සාකච්ඡා කරන බවත් ඔවුන් සඳහන් කරති.

මහජන බැංකුවේ ගිණුම් වලට මුදල් තැන්පත් කරන බෙදුම් කරුවන්ට ඉන්ධන නිකුත් නොකරන බව තෙල් සංස්ථාව විසින් ඇතැම් ප‍්‍රදේශවල බෙදුම් කරුවන්ට දැනුම් දී ඇති බවද ඔවුන් කියා සිටිති.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website