සදුදා, 11 සැප්තැම්බර් 2023 08:35

අලුත් ෂෙඩ් නිසා ඉන්ධන හුටපටයක්… Featured

මෙතෙක් කලක් තිබූ නිර්ණායකයන්ට පටහැනිව අලුතින් ඉන්ධනහල් ඉදිකිරීම නිසා මේ වනවිට එම ව්‍යාපාරයේ නිරතව සිටින පිරිස දැඩි අර්බුදයකට ලක්ව සිටින බව ඛනිජ තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

අඹතලේ ප්‍රදේශයේ පැරණි ඉන්ධන පිරවුම්පොළ අසලම තවත් පිරවුම්පොළක් ඉදිකිරීමක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ නඩුවකට අදාළ තීන්දුවක් මත අලුතින් ඉදිකළ පිරවුම්පොළට ඉන්ධන ලබාදීම ඉකුත් බ්‍රහස්පතින්දා (07දා) සිට නතර කිරීමට ලංකා ඛනිජතෙල් සංස්ථාවට සිදුව තිබේ.

 ඉන්ධනහල් ඉදිකිරීමේදී පවතින නිර්ණායකයන්ට යටත්ව ඒවාට අවසර ලබාදෙන ලෙසත් නොඑසේ නම් අදාළ ව්‍යාපාරයේ නිරත පිරිස මෙන්ම අලුතින් ව්‍යාපාරයට එක්වන අයට බරපතළ අසාධාරණයක් සිදුවන බවත් ඛනිජ තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමය බලධාරීන්ට කියයි.

ශිරාන් රණසිංහ

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website