සදුදා, 11 සැප්තැම්බර් 2023 08:47

රට හැර නොයන්න නම් වැඩි පඩි ඕනෑ.. වෛද්‍යවරුන් රට පුරාඅද විරෝධතා… Featured

අද සහ හෙට දෙදින තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රට පුරා ප‍්‍රධාන රෝහල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා රජය විසින් වැඩපිළිවෙළක් සකස් කිරීම පමාවීමට විරෝධය පළ කරමිනි.

ඒ අනුව අද දහවල් කෑම පැයේදී රෝහල් ඉදිරිපිට මෙසේ නිහඬ විරෝධතාවක නිරත වන බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

මීට අමතරව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා සංගමයේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බවත් හෙතෙම පැවසීය.

වෛද්‍යයවරුන් රට හැර යාමෙන් සෞඛ්‍ය පද්ධතිය තුළ විශාල ගැටළු ප්‍රමාණයක් ඇතිවී තිබෙන බවත් මීට අමතරව ඖෂධ අර්බුදය මත ද ගැටලු ඇති වී තිබෙන බවත් පැවසු ඒ මහතා මේ මෙම ගැටලු විසඳාගැනීමට තම සංගමය විසින් යෝජනාවලියක් භාර දුන්නද තවමත් ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රතිචාරයක් දක්වා නැති බවද කියා සිටියේය.

පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ප්‍රමාණවත් වැටුපක් නොලැබීම, අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිත භාවය, අයහපත් වෘත්තීය පරිසරය හේතුවෙන් වෛද්‍යවරුන් විදෙස්ගත වීම මේ වන විටත් වේගවත් වී ඇතැයිද ඔහු පැවසීය.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website