අඟහරුවාදා, 12 සැප්තැම්බර් 2023 14:35

දරුවන්ට කෲර ලෙස සැලකූ දෙමාපියන්ට සිර දඩුවම් Featured

අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන යමින් දරුවන් කෲර ලෙස අත්හැර ගොස් වෙනම පවුල් ජීවිතයක් ගත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලද දෙදරු මවක් හා දෙදරු පියකු මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර වැඩබලන මහෙස්ත්‍රාත් වාසනා එල්ලාවල මහත්මිය ඉකුත් සෙනසුරාදා (09 වැනිදා) නියම කරනු ලැබුවාය.

හුණුපිටිය, වෙඩිකන්ද පාර ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් හා හුණුපිටිය, දලුපිටිය පාර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙහිදී කිරිබත්ගොඩ පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ නාහේන ප්‍රදේශයේ පදිංචි දෙදරු පියාගේ බිරිඳ විසින් කිරිබත්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මොවුන් පොලිසියට කැඳවා සමථයකට පත් කළා. පසුව මොවුන් එම අනියම් සම්බන්ධතාවය නැවත පවත්වා ගෙන ගොස් තිබෙනවා.

තවද මේ දරුවන් වයස අවුරුදු 12 ට අඩු වියේ පසුවෙනවා. එම දරුවන් භාර ගැනීමට අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන එම දෙදරු පියා හා දෙදරු මව ප්‍රතික්ෂේප කර ද තිබෙනවා.

මේ අතර පැමිණිලිකාර බිරිඳට සැකකාර සැමියා හා ඔහුගේ අනියම් බිරිඳ එක් වී පහර දී ඇයට තුවාල සිදු කර තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධව කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත කුමාර මහතාගේ උපදෙස් අනුව එහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා නිලන්ති විජේවර්ධන මහත්මිය විසින් මොවුන් දෙදෙනා

අත්අඩංගුවට ගත් අතර නඩු මෙහෙයුම් අංශයේ සැරයන් අරුණ කුමාර (27909), පො. කො. රත්නායක (90071) හා කුලසිංහ (10789) යන නිලධාරීහු විසින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළහ.


දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website