අඟහරුවාදා, 12 සැප්තැම්බර් 2023 14:39

රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගේ පැමිණිල්ලෙන් චැනල් 4 වීඩියෝව ගැන විමර්ශනයක් Featured

පාස්කු ප්‍රහාරයට අදාළව චැනල් 4 නාලිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව බි්‍රතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

චැනල් 4 නාලිකාව පසුගිය සැප්තැම්බර් 5 වැනිදා රාත්‍රී 11.05 ට ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් නිකුත් කළ අතර එයින් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතාට ද චෝදනාවක් එල්ල කර තිබුණි.

තමන් විසින් මීට පෙර එම චෝදනාවලට සාක්ෂි සහිතව නිසි පිළිතුරු ලබාදී තිබියදීත් චැනල් 04 නාලිකාව විසින් සිතාමතා තමා අපහසුතාවට පත් කිරීමේ අරමුණින් මෙම වීඩියෝ පටය ප්‍රචාරය කර ඇති බවට සුරේෂ් සලෙයි මහතා විසින් බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලයට දැනුම් දී ඇත. ඒ අනුව අදාළ වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව බි්‍රතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් දැනුම් දුන් බව රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි මහතාගේ නීතිඥ පසන් වීරසිංහ මහතා සඳහන් කළේය. මෙම වැඩසටහන සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව රජය මගින් නිවේදනය කර තිබිණි.
චතුර පමුණුව

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website