බදාදා, 13 සැප්තැම්බර් 2023 13:12

සෞඛ්‍ය ලොක්කන් 3ක් නෙරපන්නට අද සිට සත්‍යග්‍රහයක් Featured

සෞඛ්‍ය ඇමැතිවරයා, සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් අද (13දා) සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතවීමට වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන එකමුතුව තීරණය කර ඇත.

මෙම සත්‍යග්‍රහය අද (13දා) පෙ.ව.9.00 ට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වේ.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සිදුවන දූෂිත ගනුදෙනු, අක්‍රමිකතා, ප්‍රසම්පාදන ක්‍රියාවලියන් සිදු නොකිරීම, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු කිසිදු බලධාරියකු පවතින ගැටලු පිළිබඳව සංවේදී නොවීම, ඖෂධ හිඟය, බාල ඖෂධ භාවිතයෙන් රෝගී ජනතාව මිය යෑම, ඖෂධ මිල පාලනයකට නොයෑම ඇතුළු ගැටලු රැසකට මෙම පුද්ගලයන් වගකිව යුතු වන බැවින් ඔවුන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු, කමන්ත රොෂාන් මහතා ‘දිවයින’ ට සඳහන් කළේය.

සුජීව තත්සර

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website