බ්‍රහස්පතින්දා, 14 සැප්තැම්බර් 2023 10:12

ගෝටාභයට මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂත්වය දෙන්න පොහොට්ටුව බෑ කියයි.. Featured

මීළඟ ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය දීමේ සූදානමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය වර පොදුජන පෙරමුණෙන් අපේක්ෂකත්වය දී ජනාධිපතිවරයා බවට පත් කල නමුත් ඔහුට එම ධුරය කරගෙන යාමට නොහැකි වූ බවද හෙතෙම පැවසීය.

එනිසා නැවත වතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාට පොදුජන පෙරමුණෙන් අපේක්ෂකත්වය ලබා දීමේ උවමනාවක් ඇති නොවන බව ද හෙතෙම කියා සිටියි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා 69 ලක්‍ෂයක ඡන්ද ප්‍රමාණයක් ලැබුනේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතාටත් පොදුජන පෙරමුණේ සංවිධාන ශක්තිය නිසා බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේ පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමිනි.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website