බ්‍රහස්පතින්දා, 14 සැප්තැම්බර් 2023 10:17

දයාසිරි එලවන බවට ලක්‍ෂ 50ක් ඔට්ටු ඇල්ලූ ප‍්‍රබලයා මෙන්න… Featured

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව පවසමින් රුපියල් ලක්ෂ 50ක ඔට්ටුවක් අල්ලා ඇත්තේ එම පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් බව හෙලිවෙයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් දයාසිරි ජයසේකර මහතා විසින්ම මේ බව හෙලිකර ඇත.

පක්ෂයත් පාක්ෂිකයාත් පවා දෙමින් ආණ්ඩුවේ තනතුරු සහ වරදාන ලබා ගත් පිරිසක් නැවත සුක්ෂම සහ නීතිවිරෝධී ලෙස පක්ෂයට ඇතුළු වී තමා පක්ෂයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කළ බව ජයසේකර මහතා මෙහිදී සඳහන් කරයි.

එහිදී එම කුමන්ත්‍රණය සිදු කළ පුද්ගලයින් මෙන්ම එය සිදුකළ ආකාරයද හිටපු මහලේකම්වරයා විසින් මෙම සාකච්ඡාවේදී හෙළිකර තිබේ.

CN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website