සිකුරාදා, 15 සැප්තැම්බර් 2023 10:34

මෙයත් ගෝඨාභය වගේමයි: පාස්කු වාර්තාව මටවත් දෙන්නේ නැතිව හංගලා – සජිත් Featured

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ජනාධිපති කොමිසමේ වාර්තාව රජයෙන් ඉල්ලූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කළ ආකාරයටම වත්මන් ජනාධිපතිවරයාත් ක්‍රියා කරමින් එහි රහස් සැඟවී ඇති දෙවැනි හා තෙවැනි වෙළුම විපක්ෂ නායකවරයා ලෙස තමාට ගත නොහැකි ලෙස සඟවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (14 දා) සක්වල පාසල් බස් රථ ලබා දීමේ වැඩසටහනේ 77 වැනි අදියර යටතේ කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

රහසිගත හා සංවේදී කරුණු කියා වත්මන් ජනාධිපතිවරයා ද සත්‍ය වසන් කරමින් ජනතාවට තියා විපක්ෂ නායකවරයාටවත් එය කියැවීමට නොහැකි ලෙස සඟවා ඇති බවත් මෙසේ සැඟවීමෙන් ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට අසාධාරණයක් සිදු වන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

මේ හේතුවෙන් තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී ඇති බවත් මෙම සත්‍ය දැන ගන්නේ චරිත ඝාතනය කිරීමට නොව ජනතාවට හෙළිකිරීමට බවත් මඩ දේශපාලන සංස්කෘතිය තමා කිසිදු අවස්ථාවක අනුමත නොකරන බවත් මෙසේ සත්‍ය දිගින් දිගටම වසන් වුවහොත් ආගම් ජාති අතර අසමගිය ඇති විය හැකි බැවින් එය හෙළිදරව් කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මේ වන විට රටේ ක්‍රියාත්මක වන්නේ සත්‍ය සඟවන රජයක් බවය. එබැවින් සමගි ජන බලවේග රජයක් යටතේ තරාතිරම නොබලා මඩ දේශපාලනය ක්‍රියාත්මක නොකර පාස්කු ප්‍රහාරයට මුල් වූ සත්‍ය කාරණා සියල්ල ජනතාවට හෙළි කරන බව ද ඔහු කීවේය.

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website