සිකුරාදා, 15 සැප්තැම්බර් 2023 11:01

ගනේමුල්ලේ සංජීව වමාරයි… රටින් පනින්න සහාය දුන් දේශපාලඥයෝ කියති.. Featured

තමන් දේශපාලන සහයෝගයෙන් රටින් පලා ගිය බව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා පාතාල කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීව සඳහන් කරයි.

පසුගිය 13දා ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් කටුනායක ගුවන්තොටුපල හරහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු මේ බව හෙළි කර තිබේ.

ශ්‍රී ලංකාව තුල ඇතිවූ ගැටළුකාරී තත්ත්වය මත දේශපාලන සහාය මත තමන් විදේශගත වූ බවත් ඉන්දියාවේ හා නේපාලයේ ද රැඳී සිටීමට නොහැකි වූ නිසා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගෙන ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඔහු සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් වීමෙන් පසු විදෙස් රටවලද සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවද ඔහු පරීක්ෂණ නිලධාරීන් හා හෙළි කර ඇත.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website