සෙනසුරාදා, 16 සැප්තැම්බර් 2023 09:53

සජබයෙන් නෙරපූ හරින් – මනුෂගේ පෙත්සම් විමසීමට ඔක්තෝබර් දින 3ක් Featured

තමන් සමගි ජනබලවේගය පක්‍ෂයෙන් නෙරපා හැරීම අභියෝගයට ලක්කරමින් ඇමැති හරින් ප්‍රනාන්දු සහ ඇමැති මනුෂ නානායක්කාර යන මහත්වරුන් ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් විමසීම ලබන ඔක්තෝබර් 10, 12 සහ 13 යන තෙදිනෙහි පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15දා) දින නියම කළේය.

එම පෙත්සම් පී. පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. එම පෙත්සම් සම්බන්ධයෙන් විවාදය ලබන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට අධිකරණය විසින් දින නියම කර තිබූ නමුත් එවැනි කරුණක් සම්බන්ධයෙන් පෙත්සමක් ඉදිරිපත් වූ විට මාස දෙකක කාලයක් තුළදී විමසීම් සිදුකර අවසන් කළ යුතු බව කියමින් ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතාවය කෙරෙහි අවධානය යොමු කළ විනිසුරු මඬුල්ල සතියක් ඇතුළත එකී විරෝධතාවය ලිඛිතව ඉදිරිපත් කරන ලෙසටත් ඊයේ (15දා) සිට දෙසතියක් ඇතුළත ප්‍රතිවිරෝධතා ගොනු කරන ලෙසටත් නියෝග කළේය. නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා සමග ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා පෙත්සම්කාර අමාත්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website