සෙනසුරාදා, 16 සැප්තැම්බර් 2023 09:59

උණ රෝගය හැදුණු දැරියගේ කැපූ අත රස පරීක්‍ෂකට Featured

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශික්ෂණ රෝහලට ගිය අවුරුදු 08 ක දැරියගේ කපා දමන ලද අත වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිසිය මගින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලෙස යාපනය මහෙස්ත්‍රාත්වරයා පෙරේදා (14 දා) නියෝග කොට තිබේ.

යාපනය රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශකොට ඇත්තේ එම දැරියගේ අත අහිමි වූයේ කැනියුලාවේ දෝෂයක් මත යැයි ප්‍රකාශකොට ඇති නිසා එම ප්‍රකාශයන් තහවුරු කරගැනීම සඳහා මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට පත්කොට සිටින කමිටු නිලධාරීන්ගේ හා පොලිස් වාර්තාවල ප්‍රගතිය පිළිබඳව මහෙස්ත්‍රාත්වරයා පොලිසියෙන් කරුණු විමසූ අවස්ථාවේදී පොලිසිය ප්‍රකාශ කළේ එම වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි. මේ හේතුව මත අදාළ නඩුව ලබන 25 වෙනිදාට කල්තැබූ මහෙස්ත්‍රාත්වරයා එදිනට මෙම සිද්ධියේ සියලු වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.

දිනසේන රතුගමගේ

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website