සෙනසුරාදා, 16 සැප්තැම්බර් 2023 10:13

අගමැති දිනේෂ්, බැසිල් එක පෙරමුණකට.. කොළඹදී සාකච්චා… Featured

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒ හා සන්ධානගත ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡාවක් කොළඹ දී සිදුකෙරිණි.

මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය, සන්ධානගත දේශපාලනයේ දායකත්වයන්, ජනතා සුබසාධන පහසුකම්, ජීවන බර හා පීඩාවට පත් ජනතාවට සහන සැලසීම,රාජ්‍ය ආයතනික තීන්දු තීරණ ගැනීමේදී වෘත්තීය සමිති සහ සේවකයන් සමඟ ඇතිවිය යුතු කතිකාවත්, ආයතන ප්‍රතිව්‍යුහගතකරණයේ ගැටලු, සේවක අයිතිවාසිකම්, අස්වැසුම හා සමෘද්ධි සහනාධාරය පිළිබඳව ඇති ගැටලු, ඖෂධ ප්‍රශ්නය ඇතුළු සෞඛ්‍ය සේවයේ පවතින ගැටලු, මැතිවරණ ක්‍රමය, සහ තවදුරටත් සාකච්ඡාවට බඳුන් විය යුතු විවිධ අණපනත් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාව හා අඩු ආදායම්ලාභී ජනතාව කෙරෙහි වඩාත් සහන සලසන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා යෝජනා කර ඇති බැවින් ඉදිරි අයවැයේදී ජනතා සුභසාධන හා ජනතා සහන සැලසීම සඳහා වැඩි වශයෙන් ප්‍රතිපාදන වෙන්කරන මෙන් මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට එහිදී තීරණය විය.

අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව කෙමෙන් අඩු කිරීමට නීතියෙන් නියම වී ඇති නිසා සමෘද්ධි සහනාධාරය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතුව ඇති බවද පක්ෂ දෙකේ නියෝජිතවරු අවධාරණය කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම් චන්ද්‍රසේන, සංජීව එදිරිමාන්න යන අයද, මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් ප්‍රධාන ලේකම් නීතිඥ තිස්ස ජයවර්ධන යාපා, නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, දේශපාලන මණ්ඩල සභිකයින් වන විජය රත්නායක, මහානාම සමරනායක යන අය මෙම සාකච්ඡාවට එක්විය.

CN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website