ඉරිදා, 17 සැප්තැම්බර් 2023 12:18

ශ්‍රීලනිපයෙන් යන්නෙම නෑ – දයාසිරි Featured

කුමන එදිරිවාදිකම් සිදුකළත් තමා කිසිවිටෙකත් පක්‍ෂයෙන් ඉවත් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

කුමන්ත්‍රණකාරී කිහිපදෙනකු විසින් විධායක සභාවේද පූර්ණ අනුමැතියෙන් තොරව තමා පක්‍ෂ මහ ලේකම් ධුරයෙන් හා පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත්කිරීමට කටයුතු කළ බව ද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

එහෙත් තමාට කුමන එදිරිවාදිකම් සිදුකළත් කුමන විනය පරීක්‍ෂණයක් සිදුකළත් නිදහස් පක්‍ෂයෙන් ඉවත් නොවන බව කී දයාසිරි ජයසේකර මහතා පක්‍ෂ සංවිධායකවරුන් ඇතුළු පාක්‍ෂිකයන් තමා සමග අත්වැල් බැඳගෙන සිටින බව ද කීවේය.

අරුණ බෝගහවත්ත

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website