ඉරිදා, 17 සැප්තැම්බර් 2023 12:30

සයිබර් ප්‍රහාර ගැන සෙවීම සී.අයි.ඩීයට Featured

රාජ්‍ය ආයතනවල විද්‍යුත් ලිපිනයන්වලට එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන වැඩබලන අමාත්‍ය කනක හේරත් මහතා විසින් සිදුකළ දැනුම්දීමකට අනුව එම විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පසුගිය අගෝස්තු මස 26 වැනි දින එල්ල වූ එම සයිබර් ප්‍රහාරයෙන් කැබිනට් කාර්යාලය ඇතුළු රජයේ ආයතන රැසක විද්‍යුත් ලිපිනයන්වල දත්ත අහිමි වී තිබේ.

එම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනයෙන් සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් වාර්තාවක් කැඳවා ඇති බව වැඩබලන අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කරයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website