අඟහරුවාදා, 19 සැප්තැම්බර් 2023 09:28

සත්‍යය සඟවන කමිටු එපා: – උද්දිකට වෙඩි තැබූ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න Featured

සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර ඉල්ලයි

සත්‍ය වසන් කරන කමිටු තවදුරටත් පිහිටුවීම වෙනුවට උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාට වෙඩි තැබූ පුද්ගලයන් අනාවරණය කර ගෙන ඔවුනට විරුද්ධව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (18දා) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

සාමාන්‍ය පුද්ගලයන්ට පමණක් නොව මන්ත්‍රීවරුන්ටද මේ වන විට ජීවිත තර්ජන එල්ල වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාට වෙඩි තැබීම සම්බන්ධයෙන් සත්‍යය වසන් කරන තවත් කමිටුවක් පිහිටුවීම වෙනුවට වර්තමානයේ පවතින නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කරන මෙන් රජයෙන් ඉල්ලා සිටිනවා.

බාල ඖෂධ ආනයනය කර සාමාන්‍ය ජනතාවගේ ජීවිත අනතුරට පත් කරනවා වගේ පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් ද ජනතාවට අනාරක්ෂිත භාවයක් රට තුළ ඇතිව තිබෙනවා. පොහොට්ටු පක්ෂය මේ වන විට ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් වේදිකාවලට ගොඩ වී ජනතාව නැවත වරක් මුළා කිරීමට කටයුතු කරමින් සිටිනවා.
මිහින්තලේ – රංග චතූ

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website