අඟහරුවාදා, 19 සැප්තැම්බර් 2023 09:38

සරසවිවල නවක ඉවරයි.. වලකන්න ජාතික කමිටුවක්.. හදිසි ඇමතුම් සේවයක්.. Featured

මෙරට සරසවි පද්ධතිය තුළින් නවක වදය කිරීම සඳහා නවන වද විරෝධී ජාතික කමිටුවක් පිහිටුවා ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති සුරේන් රාඝවන් මහතා සඳහන් කරයි.

එම සංගමයට ජනාධිපති, අගමැති, මානව හිමිකම් කොමිසම, පොලිස්පති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම, උපකුලපති සංගමය නියෝජිතයන් ඇතුළත් බවත් හෙතෙම කියා සිටියි.

නවක වද සිද්ධීන් සම්බන්ධයෙන් උපකුලපති ගේ සිට පහළම කාර්යමණ්ඩල සේවකයා දක්වා වගකිය යුතු බවද විශ්වවිද්‍යාල පද්දතිය තුලින් කෙසේ හෝ මෙම නවක වදය තුරන් කළ යුතු බවද හෙතෙම කියා සිටී.

එමෙන්ම ඕනෑම සරසවිය නවක වද සිද්ධියක් පිළිබඳව වහා දැනුම් දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන සේවාවක් ද හඳුන්වා දී ඇති බවද හෙතෙම පවසයි.

මානව හිමිකම් කඩ කරන නවක වද සම්බන්ධයෙන් ශිෂ්ට සම්පන්න ජාතියක් ලෙස ලැජ්ජා විය යුතු බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

CN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website