බදාදා, 20 සැප්තැම්බර් 2023 09:25

අද වරාය වෙන්දේසියෙන් කුණුකොල්ලෙට බඩු අරන් දෙවැනි වෙන්දේසියකට කල්ලියක් දතකයි Featured

කොළඹ වරායේ අද (20 දා) පැවැත්වෙන වෙන්දේසියකින් රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ තොගයක් කුණුකොල්ලයට ලබාගෙන වරාය පරිශ්‍රය තුළදීම දෙවැනි වෙන්දේසියක් පැවැත්වීමට එක්තරා කණ්ඩායමක් සැලසුම් කර ඇතැයි වරාය අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

කොළඹ වරාය සේවා කටයුතු සඳහා භාවිතා කරන ලද රථ වාහන ඇතුළු වටිනා භාණ්ඩ තොගයක් මෙසේ වෙන්දේසි කිරීමට නියමිතය. ඇතැම් වරාය නිලධාරීන්ගේ ද සහාය ඇතිව අදාළ කණ්ඩායම මෙසේ දෙවැනි වෙන්දේසියක් පැවැත්වීමට සැරසෙන බව ද සඳහන් වේ.

මීට පෙර අවස්ථා රැසකදී විවිධ පාතාල කල්ලි සාමාජිකයන් මේ අන්දමට වරාය වෙන්දේසිවල භාණ්ඩ බලහත්කාරයෙන් කුණුකොල්ලයට ලබාගෙන දෙවැනි වෙන්දේසි පවත්වා විශාල ලාභ උපයාගත් අතර එහිදී රජයට අහිමි වූ ආදායම රුපියල් කෝටි ගණනකි.

සමන් ගමගේ

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website