බදාදා, 20 සැප්තැම්බර් 2023 09:27

චිගොන්ග් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් රැසක් Featured

ජපානයේ ටෝකියෝ හි හචියෝජි හිදී පසුගියදා නිමාව දුටු 10 වැනි ලෝක සෞඛ්‍ය චිගොන්ග් තරඟාවලිය සඳහා රටවල් 26කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 235ක් සහභාගි වූහ.

කාණ්ඩ නවයක් යටතේ කේවල සහ කණ්ඩායම් ඉසව් සඳහා තරග පැවැති අතර සෞඛ්‍ය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සහ පවත්වාගෙන යෑමේ අරමුණින් ශරීරය, මනස සහ ආත්මය තුළ ශක්තිය ප්‍රශස්ත කිරීම සඳහා ව්‍යායාම භාවිතා කිරීම මේ තරග සඳහා ඇතුළත් වේ.

එරංග වීරසිංහගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා හෙල්ත් චීගොන් සංගමයේ (SLHQA) සාමාජිකයෝ හය දෙනෙක් මෙම තරගාවලියට සහභාගි වූහ. කේවල අංශයෙන් රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 1ක් සහ ලෝකඩ පදක්කම් 3ක් එහිදී ශ්‍රී ලංකාව දිනා ගත් අතර කණ්ඩායම් ඉසව්වෙන් ද රිදී පදක්කමක් දිනා ගත්තේය.

එරංග වීරසිංහ (නායක) – රන් පදක්කම් 2 ක්, මහේෂ් පතිරණ රන් පදක්කමක් සහ රිදී පදක්කමක් එහිදී ජයග්‍රහණය කළහ.

නදීකා ඒකනායක රිදී පදක්කමක්ද මලින්ති ඉහළයාගොඩ, රිතිනි එරන්මා සහ නෙතුල නවිදු ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කළහ.

DN

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website