බදාදා, 20 සැප්තැම්බර් 2023 09:34

ජනතා මතය මර්දනය කිරීමට ආණ්ඩුව අලු‍ත් නීති ගෙන ඒමට කටයුතු කරනවා – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා Featured

ජනතා මතය මර්දනය කිරීමට ආණ්ඩුව අලු‍ත් නීති ගෙන ඒමට කටයුතු කරනවා – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

සමාජ මාධ්‍ය නියාමනය කිරීමට කොමිෂන් සභාවක් සහ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනතා මතය මර්දනයට ආණ්ඩුව අලු‍ත් නීති ගෙන ඒමට කටයුතු සිදුකරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී මෙසේද කියා සිටියේය.

බංකොලොත් වී තිබෙන රටේ මැතිවරණයක් තියන්න මුදල් නෑ කියන රටේ රටටම හොරෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ සිටි ඇමැතිවරන්ගේ විනාශ වූ දේපළවලට මුදල් වෙන් කරලා තියෙනවා කියලා පුවත් පත් වාර්තා කරලා තියෙනවා. කොච්චර ප්‍රමාණයකින් මේ මුදල් ගෙවලා තියෙනවාද ? කාගේ අනුමැතියකින්ද මේ කටයුතු සිදුකරලා තියෙන්නේ ? කියන ප්‍රශ්නවලට ආණ්ඩුව පිළිතුරු ලබාදිය යුතුමයි.

ත්‍රස්ත විරෝධී පනත උපයෝගි කරගෙන ශිෂ්‍ය ක්‍රියාකාරීන්, ආණ්ඩුවට විරුද්ධ වෘත්තීය සමිති නායකයින් හා විපක්ෂය මර්දනය කරන්න කටයුතු කරලා තියෙනවා. ත්‍රස්ත විරෝධී පනත තියෙන විදිහටම නැවත පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරන්න උත්සාහයක ආණ්ඩුව නිරත වෙනවා. මේ පනත්වලින් ආණ්ඩුව ආරක්ෂා කර ගන්න දැඩි උත්සාහයක යෙදෙනවා. දවසින් දවස ජනතාව එකතු වෙනවා ජනතා විරෝධී ආණ්ඩුව එලවන්න. ප්‍රධාන විපක්ෂය ලෙසත් සමගි ජන බලවේගය ලෙසත් ජනතාව මර්දනය කිරීමට ගෙන එන පනත්වලට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් එය නතර කරන්න කටයුතු කරනවා. ජනතාව මර්දනය කිරීමේ වැඩපිළිවෙළ වහාම නතර නොකළොත් ගෙදර යන්න ලෑස්තිවෙලා ඉන්න.

අකිත පෙරේරා

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website