බදාදා, 20 සැප්තැම්බර් 2023 09:43

දසුන් ශානක නායකත්වයෙන් ඉවතට…? නව නායක සුපිරි පිතිකරු… Featured

දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය වී ඇති බව වාර්තා වෙයි.

එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවද දැනගන්නට ඇත.

ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් පත් කරනු ඇති බවත් සඳහන් වෙයි.

ආසියානු කුසලාන අවසන් තරගයේ ශ‍්‍රී ලංකාව ලද දැවැන්ත පරාජය හා දසුන් ශානක ගේ පෞද්ගලික දක්ෂතා සලකා සලකා මෙම පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.

කෙසේවෙතත් මෙය මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ක‍්‍රිකට් ආයතනය විසින් නිකුත් කර නැත.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වවූඩ් මහතා සඳහන් කරන්නේ ආසියානු ක්‍රිකට් කුසලානය ගිලිහී ගියද එක්දින ක්‍රිකට් පිටියේ මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහි වූ දෙවන හොඳම එක්දින ක්‍රිකට් නායකයා දසුන් ශානක බවත් ඔහු තවදුරටත් නායකත්වයේ සිටිය යුතු බවත්ය.

එමෙන්ම දසුන් ශානක වඩාත් විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම සහ දිගටම වෙහෙස මහන්සියෙන් පුහුණුවීම් කිරීම අත්‍යවශ්‍ය බව ද පවසන ඔහු ඒ හරහා ඔහුට යළිත් ප්‍රවේගකාරී පිතිකරුවකු වීමට හැකියාව ඇති බවද කියා සිටී.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website