බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023 09:50

පාස්කු විවාදය අද සහ හෙට Featured

පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය අද සහ හෙට (21-22) පැවැත්වේ.

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ විපක්ෂයේ සමගි ජන බලවේගය විසිනි. මෙය සම්බන්ධයෙන් දෙදින විවාදයක් ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කළේය.

විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් අදහස් දැක්වීමට නියමිත අතර විවාදය දැක බලා ගැනීම සඳහා ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් ද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.

මෙම විවාදය පැවැත්වෙන කාලයේදී පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමට ද නියමිතය.


අකිත පෙරේරා, රනිල් ධර්මසේන

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website