සෙනසුරාදා, 23 සැප්තැම්බර් 2023 08:22

වවුලන්ගේ මළ මුත්‍රාවලින් නිපා බෝ වෙනවා: තවම ශ්‍රී ලංකාවට අවදානමක් නෑ – විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ Featured

වවුලන් කාපු පලතුරු කන්න එපා – විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක

‘නීපා’ වෛරසය වවුලන්ගේ මළ මුත්‍රා හරහා බෝවෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.

තවම අප රටට මෙම වෛරසයේ අවදානමක් නොමැති බව ද හෙතෙම කීය.

තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කියා සිටියේය.

‘සතුන් පලතුරු වැනි දෑ අනුභව කිරීමෙන් මහජනතාවට මේ වෛරසය ව්‍යාප්ත වන බව දැනට සොයාගෙන තිබෙනවා. ආසාදිත පුද්ගලයකුගෙනුත් එය පැතිරීම සිදුවන්නේ ඉතාමත් ළඟින් ඇසුරු කරන කෙනෙකුට පමණයි. ඒ කෙළ බිඳිති මගින්. මෙය වාතය හරහා බෝවෙන වෛරසයක් නොවෙයි. පැතිරීම අඩුවේගයකින් සිදුවෙන්නේ. රෝගය වැළඳී ඉතා කෙටි කාලයක් තුළ සුවවිය හැකියි. රෝග ලක්‍ෂණ මතුනොවන පිරිසකුත් සිටිනවා. ශ්වසන අපහසුතා ඇතිවිය හැකියි. මූලිකවම මොළයේ ආසාදන තත්ත්වයක් තමයි ඇතිවෙන්නේ. ඉතා කෙටි කාලයක් තුළ එම පුද්ගලයාගේ රෝගී තත්ත්වය උග්‍ර තත්ත්වයට හැරෙනවා. පැතිරීමට ඇති ඉඩකඩ ඒ තුළින්ද සීමාවෙලා තිබෙනවා. වෙනත් රටකින් තවත් රටකට යාමට ආසාදිතයාට කාලයක් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ගැන අවධානයෙන් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අවශ්‍ය තොරතුරු ලබා දෙනවා. තවම අපේ රටට අවදානම් සහගත තත්ත්වයක් නැහැ.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසවේදී අංශයේ විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක මහත්මිය
මේ වෛරසය වවුලන් තුළ තමයි ගණනය වෙන්නේ. වවුලන් තමයි මේක තියාගෙන ඉන්නේ. වවුලන්ගේ ශ්‍රාවයන් එක්ක මේක එළියට එනවා. වවුලන් පලතුරු කනවා. රෑට රා මුට්ටිවලින් ඒවා බොන්න හදනවා. එතකොට ඒ ශ්‍රාවයන් රා මුට්ටිවල තියෙන්න පුළුවන්. තව පලතුරුවල ඒ වවුලන්ගේ ශ්‍රාවයන් තියෙන්න පුළුවන්. ආසාදිත වවුලන්ගේ ඒ ශ්‍රාවයන් තියෙන පලතුරක් මිනිසෙක් කෑවොත් ඒ වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වෙන්න පුළුවන්. තව ඌරනුත් මේ ශ්‍රාවයන්ට ගොදුරු වුවහොත් ඌරන්ටත් මේක ආසාදනය වෙන්න පුළුවන්. ඌරන්ගෙන් නැවත වාරයක් මේ ශ්‍රාවයන් එළියට එන්න පුළුවන්. ඌරන් ලෙඩ වෙලා ඉන්නවා නම්, වවුලන් දෂ්ට කරපු කෑමෙන් වළකින්න ඕනෑ යයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඒමන්ති මාරඹේ

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website