×

පණිවුඩය

කරුණාකර පලමුව පුරනයවන්න

සෙනසුරාදා, 23 සැප්තැම්බර් 2023 08:28

පැය දොළහක ජල කප්පාදුවක් Featured

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (23) පස්වරු 06 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

අඹතලේ ජල සැපයුමට අදාළ ව්‍යාපෘතියක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු වන බව එම මණ්ඩලය සඳහන් කර තිබේ.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

අද පස්වරු 06 සිට හෙට පෙරවරු 06 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කර ඇත.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website