සෙනසුරාදා, 23 සැප්තැම්බර් 2023 08:32

වාහන හැර සෙසු ආනයන තහනම් ලබන මාසයේ ඉවතට Featured

දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"මෙරට විශාලම අර්බුදය වුණ රෙමිටන්සස් අපිට අද සාමාන්‍ය මට්ටමකට ඉහළ නැංවෙලා තියෙනවා. අපිට අත්‍යවශ්‍ය ආනයන කරන්න අපේ සංචිත ප්‍රමාණය ශක්තිමත් වෙමින් පවතිනවා. අපි හිතනවා දැනට එච්එස්පී හෝට් 600කට ආසන්න ප්‍රමාණයක ආනයන සීමා පවත්වාගෙන යනවා. එතනින් අපිට ලබන මාසේ වෙද්දි වාහන සඳහා අදාළ එච්එස්පී හෝට් 270කට ආසන්න ප්‍රමාණය හැර අනෙක් සියලුම ආනයන සීමා අපට නිදහස් කිරීමේ හැකියාව තියෙනවා. ඒක ලබන මාසේ වෙද්දි නිදහස් වීම සිදු වේවි. ඒ තුළ මිල ස්ථාවරත්වයට විශාල පිටුවහලක් ලැබෙයි. මොකද දැන් වෙලා තියෙන්නේ සමහර ඒවා සීමා කරලා තියෙන හින්දා ඉල්ලුමට සරිලන සැපයුමක් වෙළෙඳපොළේ නැහැ. එතකොට මිල ඉහළ යෑමක් සිදු වෙලා තියෙනවා. ඒ හින්දා රජය ඉදිරියේ දී මේ විවෘත වෙළෙඳපොළ ප්‍රතිපත්තියට අදාළව කටයුතු කරනවා මිස ඒ අනවශ්‍ය මැදිහත් වීම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතනින් අපි බලාපොරෝත්තු වෙනවා සාධාරණ වෙළෙඳාමක් වෙනුවෙන් සියලු ව්‍යාපාරික ප්‍රජාවත් ගමන් කරයි කියලා."

මේ අතර, රේගු දෙපාර්තමේන්තුව මඟින් ඉලක්කගත බදු ආදායමෙන් රුපියල් බිලියන 630ක් මේ වන විට රැස්කර ගෙන ඇති බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

ADN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website