ඉරිදා, 24 සැප්තැම්බර් 2023 11:24

අලි සබ්‍රි රහීම් සියලු කමිටුවලින් දොට්ට! – සජිත්ගෙන් යෝජනාවක් Featured

අනවසරයෙන් රත්තරන් සහ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන රැගෙන ඒමට වරදකරුවකු බවට පත්වූ පුත්තලම දිස්ත්‍ර්‍රික් මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා පාර්ලිමේන්තුවේ සියලුම කම්ටුවලින් නෙරපිය යුතු බවට වූ විශේෂ යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එය පාර්ලිමේන්තුවට ඉකුත් 22දා ඉදිරිපත් කළේය.

රහීම් මන්ත්‍රීවරයා රුපියල් මිලියන 74ක් වටිනා රත්‍රං කිලෝ ග්‍රෑම් 03.3ක් සහ රුලියල් මිලියන 04.2ක් වටිනා ස්මාට් ෆෝන් 91ක් නීති විරෝධී ලෙස ගෙන ඒම මන්ත්‍රීවරයකුට

නොගැළපෙන විෂම ක්‍රියාවක් යැයි ද විපක්ෂනායක කීවේය. එම වැරදි ක්‍රියාවන්ට මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 75ක් පමණක් දඩ වශයෙන් අයකර ගෙන ඇතිමුත් එය ප්‍රමාණවත් නොවන බවත් කී විපක්ෂ නායකවරයා ප්‍රංශ ජාතිකයකු විසින් රත්තරන් ගෙන ඒමේ චෝදනාවකට ඔහුගෙන් රුපියල් ලක්ෂ 700ක් දඩ අයකර ගෙන ඇතැයි ද පැවසීය.

එබැවින් මන්ත්‍රීවරයාට ලිහිල් දඩයක් පනවා ඇතැයි පෙනී යන බවත් ඒ පිළිබඳව ද පරීක්ණෂයක් කරන ලෙසත් විපක්ෂ නායකවරයා කථානායකගෙන් ඉල්ලා සිටියේය. ඔහු පාර්ලිමේන්තුව තුළ සිටීමට සුදුසු අයකු නොවන බවත් ඉහත යෝජනාවෙන් නොනැවතී පාර්ලිමේන්තුවෙන් එළියට දැමීමට අවශ්‍ය යෝජනාව ද ගෙන ඒමට සූදානම් බවත් හෙතෙම මෙහිදී පැවසීය. යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ස්ථිර කරනු ලැබීය.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website