සදුදා, 25 සැප්තැම්බර් 2023 11:07

සියලුම පන්සල්, දේවාලවල පිංකැට සීල් තියන්නැයි දන්වයි… Featured

රට පුරා පිහිටි සියලුම විහාරස්ථාන හා දේවාලවල පින් කැටවලට වහාම රජය විසින් සීල් තැබිය යුතු යයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ සඳහන් කරති.

ජනාධිපතිවරයා මේ පිළිබඳව වහාම පියවර ගත යුතු බවත් විගණකාධිපතිවරයා හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව විහාර හා දේවාලවලට ලැබෙන ආධාර විනිවිදභාවයකින් විගණනයක් සිදු කළ යුතු බව ද උන්වහන්සේ කියා සිටිති.

විහාරස්ථානවල නායක හිමිවරුන් නොව ආධාර හා පිං කැට පාලනය කරන්නේ එහි සිටින ආරක්ෂක නිලධාරීන්, රියැදුරන්, කාන්තාවන් විසින් බවත් එම සියලු මුදල් පුද්ගලික පරිහරණයට ගැනීම ජාතික අපරාධයක් බවත් උන්වහන්සේ කියා සිටියහ.

දායකයන් බැති සිතින් දෙන ආධාර මෙලෙස ගසාකෑම හේතුවෙන් කිසිදු විහාරස්ථානයක හෝ දේවාලයක සංවර්ධනයක් සිදු නොවන බවත් එම ආධාර මුදල් වලට සිදුවන්නේ කුමක්ද යන්න කිසිවකු නොදැනිම ගැටලු සහගත බවත් රාහුල හිමියෝ තවදුරටත් කියා සිටියහ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website