සදුදා, 25 සැප්තැම්බර් 2023 11:10

පාලකයන් කණෙන් අල්ලා එලවා දමනවා.. Featured

මිනිමරු පාලකයන්ට උවනාම තියෙනවා තොරතුර ජනතාවට අතරට යන එක නතර කරන්න බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා පැවසිය.

චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේ පෞද්ගලික හෝටලයක පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමිණි.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ වික්‍රමසිංහ රාජපක්ෂ කල්ලිය හිතන් ඉන්නවා විකාශන අධිකාරි පනත එක පැත්තකින් ගෙනල්ලා , ත්‍රස්තවාදය වැලැක්විමේ පනත ගෙනල්ලා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය , ජනතාවගේ දේශපාලනය , මහජන ක්‍රියාකාරිත්වය , විරෝධතා වලක්වලා නිවි සැනසිල්ලේ ඉන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා.

ජනතාවට පිඩා කරන පාලකයන්ව ජනතාව පහරට බැහැලා විරෝධතා දක්වලා කනෙන් අල්ලලා ඉවත් කරනවා , ගෝඨාභය රාජපක්ෂ තමයි ආසන්නතම උදාහරණය.

මේ මිනිමරු , පිඩිත පාලනය පන්නා දමන්න ජනතාව එක්රැස් වන , පෙල ගැසෙන කාලය අත ළගයි , ඒ ජනතාව ප්‍රහාරය හිතාගන්න බැරි එකක් වෙනවා නියතයි.

වික්‍රමසිංහ රාජපක්ෂ කල්ලිය කියන්නේ ත්‍රස්තවාදි කල්ලියක් , 273 ක් පමණ අහිංසක ජනතාව මරලා දාපු ත්‍රස්තවාදි කල්ලියක් , ත්‍රස්තවාදින් තම ආණ්ඩුවට ගෙනල්ලා ආණ්ඩුකරණය කරපු කල්ලියක්.

සමහර මාධ්‍ය නාලික කරේ ජනතාව මුලා කරපු එක, ජනතාව භේද කරන එක , ජනතාව අතර වෛරය ඇති කරන එක , සමාජ මාධ්‍යයෙන් තමයි ජනතාව පාස්කු ප්‍රහාරය ගැන දැනුවත් වුණේ.

මේ මිනිමරු පාලකයන්ට උවනාම තියෙනවා තොරතුර ජනතාවට අතරට යන එක නතර කරන්න, ඒ නිසා සමාජ මාධ්‍ය දඩයම් කරන්න හදනවා.

විකාශන අධිකාරිය යටතේ පත් කරනවා පඹයෝ ටිකක් , ඒක ජනාධිපති පත් කරන්නේ , ජනතා බලයක් නැති මේ කල්ලිය පනතක් ගේනවා ජනතාව මර්ධනය කරන්න.

මේ මර්ධනිය පනත් වලට යටත් වෙන්න මේ රටේ ජනතාව සුදානම් නැ , ජනතාවට කියන්නේ මේ මර්ධනකාරි අණ පනත් වලට එරෙහිව දේශපාලන පක්ෂ , සංවිධාන , වෘත්තිය සමිති එකට එක් වෙලා සටන් කරන්න ඕනි යනුවෙන් පැවසිය.

– රංජිත් රාජපක්ෂ

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website