අඟහරුවාදා, 26 සැප්තැම්බර් 2023 15:37

පාස්කු ප්‍රහාරය ගැන මෙරට පරීක්‍ෂණ සාධාරණ නොවුණොත් ජාත්‍යන්තරයට යන්න වෙනවා - මැල්කම් රංජිත් කාදිනල්තුමා Featured

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව තමා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා සිටියේ මෙරට සාධාරණ පරීක්‍ෂණයක් සිදු නොවුණහොත් පමණක් යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දෙව්මැඳුරේ ස්වර්ණ ජයන්ති මංගල්‍යයේදී ප්‍රකාශ කළේය.

මේ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විනිවිද පරීක්‍ෂණයක් පවත්වන්නේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය නැතැයිද කාදිනල්තුමා කීවේය.

මෙම අවස්ථාව සඳහා දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු මහා සංඝරත්නය බොහෝ පිරිසක් සහභාගී වූහ. මෙහිදී කාදිනල් හිමියන් සහ ඕමල්පේ සෝභිත හිමියන් විසින් අදහස් දැක්වීය.

ඕමල්පේ හිමියන් කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට නොවන්නේ නම් ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවයි.


නෝමන් පලිහවඩන, ඇඹිලිපිටිය – ප්‍රගීත් ජනක

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website