බදාදා, 27 සැප්තැම්බර් 2023 11:05

දයාසිරිට එරෙහිව පියවර ගැනීමට මෛත්‍රී පැනවූ වාරණය ඉවතට Featured

පක්‍ෂ විනය කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව පියවර ගැනීම තාවකාලිකව වළක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන හා සරත් ඒකනායක යන මහත්වරුන්ට තම අධිකරණය විසින් පසුගිය 21 වැනිදා නිකුත් කළ වාරණ නියෝගය වහාම විසුරුවා හැරීමට

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (26 දා) නියෝග කළේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා මෝසමක් මගින් නඩුව කැඳවමින් කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

යමෙකු යම් වාරණ නියෝගයක් ලබා ගත යුත්තේ පිරිසිදු දෑතින් අධිකරණයට පැමිණ සත්‍ය කරුණු දැක්වීමෙන් අනතුරුව වුවත් පසුගිය 21 වැනිදා දයාසිරි ජයසේකර මහතා එම වාරණ නියෝගය ලබාගෙන ඇත්තේ සත්‍ය කරුණු අධිකරණයට වසන් කිරීමෙන් බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website