බදාදා, 27 සැප්තැම්බර් 2023 11:14

බෝගහපැලැස්ස-නක්කල පොළොව සෙලවෙයි Featured

බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝගහපැලැස්ස සහ නක්කල යන ප්‍රදේශවලට ඉකුත් 25 වැනිදා රාත්‍රී 11.21ට පමණ සුළු භූ කම්පනයක් සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකයේ මොනරාගල නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.එච්. රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය.

රිච්ටර් මාපාංක 2.3 ලෙස සටහන් වූ මෙම භූ කම්පනයෙන් කිසිදු හානියක් සිදුවී නැත.

ඇතැම් නිවාසවල වීදුරු සහිත ජනෙල් දොරවල් තත්පර කිහිපයක් සෙලවුණු බව එම ප්‍රදේශවල ජනතාව පවසති.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website