බ්‍රහස්පතින්දා, 28 සැප්තැම්බර් 2023 10:29

බදු හදන ඇතැම් නිලධාරීන් දුම්වැටි කොම්පැණිවල සාක්කුවට වැටිලා - විපක්‍ෂ නායක සජිත් Featured

මත්පැන්, දුම්කොළ, දුම්වැටි භාවිතයෙන් රට මුදා ගැනීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම එකඟ වන්නේ නම් රටක් ලෙස පරමාදර්ශීව එය සිදු කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දුම්කොළ සහ මධ්‍යසාර හා දුම්වැටි සම්බන්ධ බදු ගැන කතා කරන විට මහා පරිමාණ දුම්කොළ හා දුම්වැටි ව්‍යාපාරිකයන් මෙම බදු සකස් කරන නිලධාරීන් අල්ලා ගෙන සිටින බවත් කවුරු බලයට ආවත් මෙය හරියට ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් තිබෙන බවත් නිලධාරීන් සුළු පිරිසක් මෙම සමාගම්වල අතකොලු බවට පත්ව ඇති බවත් හෙතෙම කීය.

එහෙත් පාර්ලිමේන්තුවේ 225 දෙන එකට එකතු වුවහොත් මෙම ක්‍රමය බිඳ දා මත්පැන්, දුම්කොළ හා දුම්වැටිවලින් තොර නිවැරදි ලෙස සමාජයක් නිර්මාණය කළ හැකි බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එළියේ සිටිනවාට වඩා සිරගෙයි සිටින විට වැඩිපුර ජාවාරම සිදු කරන බැවින් මොවුන්ට විරුද්ධව සිංගප්පූරුවේ ගන්නා ක්‍රියාමාර්ග ගත යුතු බවත් දැඩි දඬුවම් ලබා දිය යුතු බවත් මේ තුළින් පාසල් පද්ධතිය වෙලා ගෙන ඇති මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කළ හැකි බවත් හෙතෙම කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මත්ද්‍රව්‍ය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රැස්වූ අවස්ථාවේ

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website