බ්‍රහස්පතින්දා, 28 සැප්තැම්බර් 2023 10:35

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව – සනත් නිශාන්තට එරෙහි නඩු විභාගය 27 දා ඇරැඹෙයි Featured

මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාට එරෙහිව පවරා ඇති නඩුවක විභාගය ලබන මස 27 වැනිදා ආරම්භ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (27 දා) දින නියම කළේය.

එම නඩු, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා චමත් මොරායස් යන මහත්වරුන් හමුවේ කැඳවිණි.

විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ චෝදනා කෙටුම්පත්

ගොනුකර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට දැනුම් දුන්නාය. පසුගිය වසරේ අගෝස්තු මස කොළඹ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය මගින් අධිකරණයට අපහාස වි ඇති බව කියමින් නීතිඥ විජිත කුමාර, නීතිඥ ප්‍රියලාල් සිරිසේන යන මහත්වරුන් අධිකරණයට කළ පැමිණිල්ලක් අනුව විත්තිකාර සනත් නිශාන්ත මහතාට එරෙහිව චෝදනා කෙටුම්පත් කර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කොට තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website