බ්‍රහස්පතින්දා, 28 සැප්තැම්බර් 2023 10:43

සමාජ මාධ්‍ය පනත ගේන්නේ මාලිමාව මර්දනය කරන්නයි.. Featured

සමාජ මාධ්‍ය මාර්ගගත පනත තුළින් ආණ්ඩුව ජාතික ජන බලවේගය මර්දනය කිරීමේ කුමන්ත්‍රණයක නිරත වන බව ජාතික ජන බලවේගයෙ විධායක කමිටු සාමාජික නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

ආණ්ඩුව සමාජ මාධ්‍ය මාර්ගගත පනත සහ ත්‍රස්ත පනත ගෙන එමෙන් සමස්ත සමාජයම මර්දනය කිරීමකට සූදානම් වන බැවින් ඉදිරියේදී මහපාරේ සටනකට ජාතික ජන බලවේගය සූදානම් බවත් ඔහු සඳහන් කරයි.

ප්‍රතිත්‍රස්ත පනත සහ මාර්ගගත පනත ගෙන එන්නේ ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් කොන්දේ වලට අනුව බව සුනිල් වටගල මහතා අවධාරණය කරයි.

 ලංකා සතොස ඇතුළු රාජ්‍ය ආයතන කීපයක් විකුණා දැමීමට ආණ්ඩුව විසින් කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති අතර ඉදිරියේදී එම ආයතන වල සේවකයන් සේවයෙන් ඉවත් කිරීමට නියමිත බවත් වටගල මහතා පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website