සිකුරාදා, 29 සැප්තැම්බර් 2023 14:26

ගිනිඅවි බලපත්‍ර අලුත් කරන්න 1 වැනිදා සිට දෙසැම්බර් 31 දා තෙක් කල් දෙයි Featured

2024 වසර සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට හා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීමට ඔක්තෝබර් මස 1 වැනිදා සිට 2023 දෙසැම්බර් 31 වැනිදා කල් ලබාදී ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු හා අයැදුම්පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශ www.defence.lk වෙබ් අඩවියෙන් භාගත කරගත හැක.

2023 දෙසැම්බර් මස 31 දිනෙන් පසු 2024 වර්ෂය වෙනුවෙන් ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමක් සිදු නොකරන බවට හා තුවක්කු ආඥා පනතේ 22 වන වගන්තියේ විධිවිධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

2024/2025 වර්ෂ සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම 2023.10.01 සිට 2023.12.31 දක්වා සිදුකෙරෙන අතර, ඉන්පසු සිදුකරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු අයකිරීම හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද ආරක්‍ෂක අමාත්‍යාංශය කියයි.

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website