සෙනසුරාදා, 30 සැප්තැම්බර් 2023 11:18

කොට්න් බට්න් නිසා කන තුවාල කරගත් දරුවන්ගේ වැඩිවීමක් – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා Featured

“පුළුන් සහිත කොට්න් බට්න් කනේ ගහගෙන තුවාල කරගත් දරුවන් ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණීමේ වැඩිවීමක් දක්නට තිබෙනවා”යැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය.

කොට්න් බට්න් භාවිත කරමින් කුඩා දරුවන්ගේ කන්වල ඇති කලාඳුරු ඉවත්කිරීමට දෙමාපියන් පුරුදු වී සිටින බවත්, එලෙස කිරීම තුළින් කන තුවාල වී පැසවා මොළයට විෂබීජ යා හැකි බවත් හෙතෙම කීය.

තවදුරටත් කතාකළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේ ද කියා සිටියේය.

බොහෝ දෙමාපියන් කුඩා දරුවන්ගේ කන්වල ඇති කලාඳුරු ඉවත්කරන්න මේ පුළුන් සහිත කොට්න් බට්න් භාවිත කරනවා. එලෙස කිරීමෙන් දරුවාගේ කන තුවාල වෙන්න පුලුවන්. කනින් සැරව ගලන්න පුළුවන්. මේ තුළින් කනට විෂබීජ ගියොත් මොළට යන්නත් පුළුවන්. එහෙම ගියොත් දරුවාගේ ජීවිතය අවදානමේ. ඒ නිසා දරුවන්ගේ කනේ කලාඳුරු ඉවත්කිරීමට වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීම ඉතා වැදගත්. ඒ නිසා වෛද්‍යවරු හැටියට අපි කොට්න් බට්න්වලින් දරුවන්ගේ කන්වල ඇති කලාඳුරු අරන් දැමීම අනුමත කරන්නේ නැහැ.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website