ඉරිදා, 01 ඔක්තෝබර් 2023 10:55

ළමයින්ට අද සතුන් වත්ත නොමිලේ Featured

ඔක්තෝබර් 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් අද (01 වැනිදා) දින දෙහිවල ජාතික සත්වෝද්‍යානය අවුරුදු 12 න් පහළ දරුවන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව උදා කර දෙන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේ දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධානය කරන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

එහිදී ලෝක ළමා දින සැමරුම් උත්සවය පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා දෙහිවල සත්වෝද්‍යාන පරිශ්‍රය තුළ පැවැත්වේ. දූදරුවන්ගේ අධ්‍යාපනික දැනුම, ස්වභාවික සම්පත් හා පරිසර සංරක්ෂණ පිළිබඳව ආකල්ප වැඩි දියුණු කිරීම, දූදරුවන්ගේ හැකියාවන් ඔප්නැංවීම, විනෝදාස්වාදය ලබාදීම වැනි අරමුණු රාශියක් පෙරදැරිව මෙය සංවිධානය කරන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ පින්සිරි ආරියරත්න

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website