අඟහරුවාදා, 03 ඔක්තෝබර් 2023 09:51

මේ වසරේ ලංකාවෙන් ලාදුරු රෝගී දරුවන් 105 ක් හමුවෙලා Featured

මේ වසරේ ගතවූ කාලය තුළදී මෙරටින් ලාදුරු රෝගය වැළඳුණු දරුවන් 105 දෙනකු හඳුනාගෙන ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.

මෙලෙස ලාදුරු රෝගයට ගොදුරුවී ඇති දරුවන් අවුරුදු 14 ට අඩු අය බව එම ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ලාදුරු රෝගය වැළඳුණු දරුවන් වාර්තාවී ඇති බැවින් රෝගය වැළඳුණු දරුවන් සහ වැඩිහිටියන් කොළඹ ජාතික රෝහලේ කාමර අංක 12 හි ස්ථාපිත කර ඇති මධ්‍යම ලාදුරු සායනයට පැමිණ ප්‍රතිකාර ලබාගත හැකි බවද හෙතෙම පැවසීය.

සතියේ දිනවල පෙ.ව. 8.00 සිට පස්වරු 4.00 දක්වාත් සෙනසුරාදා පෙ.ව. 8.00 සිට දහවල් 12.00 දක්වාත් ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව ඇතැයි වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.


සුජීව තත්සර

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website