බදාදා, 04 ඔක්තෝබර් 2023 09:23

ඛණිජ තෙල් සභාපති අස්වෙයි Featured

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඊට අදාළ ලිපිය විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත භාරදී තිබේ.අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මාස 14කට පෙර වඩා අභියෝගාත්මක කාලසීමාවකදී එම ධුරය භාරගෙන ඔහු විසින් කරන ලද කැපවීමට සහ සේවයට ස්තූතිවන්ත වන බවය.පෞද්ගලික හේතුවක් මත තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දුන් බවද අමාත්‍යවරය සිය පණිවුඩය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website