සෙනසුරාදා, 07 ඔක්තෝබර් 2023 09:30

නාය යෑමේ අනතුරු තව දුරටත් Featured

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තුන් වැනි මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ගාල්ල, මාතර, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්වල හඳුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා බලපැවැත්වෙන පරිදි මෙම නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ යන ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට, මතුගම යන ප්‍රදේශවලටත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දරටත් මෙම තුන් වැනි මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශයටත් නාය යැමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

DN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website